2021 වසර දක්වා ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය සදහා හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රීව නම් කර තිබෙනවා. කපිල් දේව් , අන්ෂුමාන් ගයික්වාඩ් සහ ශාන්ත රංගස්වාමි යන නිළදාරීන්ගෙන් සමන්විත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒකමතිකව මෙම තීරණයට එලඹ තිබෙනවා. ඒ අනුව පෙර පුහුණුකාරීත්ව යටතේම ඉන්දීය කණ්ඩායම ඉදිරි තරග සංචාර සදහා එකතුවෙනු ඇත.