ජනාධිපතිවරණයට යළි තරග කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමතිවන්නේ නම් ඊට ශක්තිය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම ගෙන නොමැති බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
සැප්තැම්බර් 03 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන්නේදැයි මාධ්‍යවේදීන් මෙහිදි ප්‍රශ්න කළා.
ගැටුම් වලට හේතු වන ප්‍රකාශ කිමට නොහැකි බැවින් එම ප්‍රශ්නය තමන්ගෙන් නොඅසන ලෙස දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියා.