මතභේදයට තුඩු දී ඇති අවුරුදු 70 ක් වයසැති ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වනජිවි අමාත්‍ය ජෝන් අමරතුංග අදාළ අංශ වෙත නියෝග කළා.
එම ඇතින්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වූ ඡායාරූපවලට අනුව, ඇගේ සිරුරේ තත්ත්වය ඉතා අයහපත් බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
එසේම, මෙම ඇතින්න ඊයේ දිනයේදී ඇද වැටී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඇතින්නගේ තත්ත්වය පරීක්ෂා කර බලා වහා ප්‍රතිකාර කරන ලෙස ද, අමාත්‍යවරයා වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.