එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් මේ වන විට පැවැත්වෙනවා.
සාකච්ඡාව පැවැත්වෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිළ නිවසේ දීයි.
මෙහිදී නව සංධානය පිළිබදව අවසන් තිීන්දුවකට එළඹීමට නියමිතයි.
සාකච්ඡාව සදහා අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් ඇතුලූ පිරිසක් එක්ව සිටිනවා.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා එළඹෙන පක්ෂ සම්මේලනයේ දී ප‍්‍රකාශ කරන බව මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා සදහන් කළේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ශව ගනනාවක් සමග මේ වන විට සාකච්ඡාව පවත්වා ඇති බවයි.