ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) උදෑසන මැදමුලන තම උපන් ගමේ විහාරස්ථානය වන මැදමුලන පල්ලෙමුලන ශ‍්‍රී ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයට පැමිණියා.
එහිදී පල්ලෙමුලන ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයේ විහාරාධිපති තංගල්ල ධම්මතිලක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති සපුගස්යායේ ධම්මානන්ද නාහිමි බැහැදැක සුවදුක් විමසූ අතර සෙත් පිරිත් සජ්ජායනය සහ අනිකුත් ආගමික වතාවත්වලින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තම උපන් නිවස වන මැදමුලන නිවස වෙත පැමිණියා.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ගම් වාසීන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර පසුව මැදමුලන පිහිටි සිය දෙමාපියන්ගේ ස්මාරකය වෙත පැමිනි ඒ මහතා පිළිගැනීමට විශාල පිරිසක් එක්ව සිටියා.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද එක්ව සිටියා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ති‍්‍රවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට මුල් තැන දෙමින් අනුරාධපුරයේ ආගමික වතාවත්වල නියැලීමෙන් අනතුරුව මහනුවරට පැමිණ ආගමික වතාවත්වල නියැලිනු අතර කතරගම පූජාභූමියේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව අද තම මුල් ගම වන මැදමුලනට පැමිණ තිබෙනවා.