News Line| Off Air
Generic placeholder image

Aug
17

නවගමුව ශ‍්‍රී පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර අද

1898 Views


නවගමුව ශ‍්‍රී පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර අද

නවගමුව ශ‍්‍රී පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද සිට ක‍්‍රියාත්මක කර තිබෙනවා.

පෙරහර අද රාත‍්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

අද රාත‍්‍රී 10 සිට හෙට අලුයම 1 දක්වා පෙරහර වීදී සංචාරය කරන බවයි නවගමුව පත්තිනි දේවාලය සඳහන් කළේ.

දිය කැපීමේ පෙරහර හෙට උදෑසන වීදි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර පැවැත්වෙන කාලසිමාවේදී කොළඹ හංවැල්ල මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර සිටිනවා.

කොළඹ දෙසට ධාවනය වන වාහන රණාල සියඹලා ගග හන්දියෙන් මුල්ලේගම /අතුරුගිරිය /මාළඹේ හරහා කොළඹ දෙසට ගමන් කළ හැකියි.

හංවැල්ල දෙසට ගමන් කරන වාහන කඩුවෙල හන්දියෙන් බියගම / මාපිටිය හරහා හංවැල්ල දෙසට ගමන් කළහැකි බවයි පොලීසිය සඳහන් කළේ.

හෙට කොළඹ දෙසට ගමන් කරන වාහන රණාල සියඹලාගහ හන්දියෙන් හබරකඩ මාර්ගය හරහා කඩුවෙල මාර්ගය ඔස්සේ ධාවනය කළ හැකියි.


News Articles
Latest Videos
Most Popular Post