වැලිකඩ ගෝතමී ප‍්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරිය විහාරස්ථානයකට සැකකටයුතු පුද්ගලයින් කිහිප දෙනෙකු පැමිණ පලා යාම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ විසින් අතුරිගිරිය පොලිසියට කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.
මේ අතර මහනුවර කොට්ඨාසයේ පොලිස් අධිකාරි සී ඩබ්ලිව් රාජපක්ෂ මහතා තෙල්දෙණිය කොට්ඨාශය වෙත ස්ථාන මාරුකර තිබෙනවා.
ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇත්තේ සේවයේ අවශ්‍යතා මතයි.