News Line| Off Air
Generic placeholder image

Aug
18

ඩකා අගනුවර දැවැන්ත ගින්නකින් නිවාස 15 000ක් විනාශයට

476 Views


ඩකා අගනුවර  දැවැන්ත ගින්නකින් නිවාස 15 000ක් විනාශයට

බංග්ලාදේශයේ පැල්පත් නිවාස පිහිටි ප්‍රදේශයක දැවැන්ත ගින්නක් ඇති වී තිබෙන අතර පැල්පත් නිවාස ආශ්‍රිතව හටගත් ගින්නෙන් නිවාස 15 000ක් පමණ විනාශ වී ඇති බව දැනට වාර්තා වෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි.

එහි නිවාස බහුතරයක වහල සඳහා ප්ලාස්ටික් භාවිත කර තිබීම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව පැවසෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් විශාල ප්‍රමාණයක් යොදවා තිබෙන බවත් මේ අතර ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැළසීමට පියවර ගන්නා බව එරට රජය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post