අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වෙනවා.නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රධාන විමර්ශන 5ක උදෘත ඉල්ලා සිටි අතර එම විමර්ශනවලට අමතරව මාධ්‍යවේදි ප්‍රදීප් එක්නැලිගොඩ පහරගෙන යෑම පිළිබඳව මෙසේ වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ.
එමෙන්ම මෙම විමර්ශනවලට අදාළව කරුණු 11කින් යුත් වාර්තාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන අතර මෙම තොරතුරු ලබන 23 දාට පෙර අවශ්‍ය බවත් වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.