එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරු 4. 00ට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂයා සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහිකිරීමට නියමිත නව සන්ධානය පිළිබඳ අවධානයට යොමු කෙරෙන බව පැවසෙනවා.
එමෙන්ම මේ අතර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රිවරුන් සහ පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට සුදානමින් සිටින බවද වාර්තා වෙනවා.