එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය මේ මස 31 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම බිහිකරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. සිය සන්ධානයේ අපේක්ෂකයා ද, මේ මස අවසන් වීමට පෙර රටට හෙළි කරන බවත් නව සන්ධානය සහ අපේක්ෂකයා නම් කිරීම එකම දිනක සිදු කරන බව ද වැඩි දුරටත් පැවසෙනවා.
නව සන්ධානයක් ගොඩනැගීමට අදාළව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සෙනසුරාදා පැවැති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වුණ අතර මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.