News Line| Off Air
Generic placeholder image

Aug
19

දුම්රිය සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 161ක ආධාරයක්

590 Views


දුම්රිය සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 161ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 161ක ආධාරයක් ලබාදී ඇති අතර මෙයින් අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබා දී ඇත්තේ ආපසු නොගෙවන ප්‍රදානයක් ලෙසයි.

ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදල වසර 08කින් ආපසු ගෙවීම සඳහා සියයට දශම 5ක සහන පොලියකට ලබාදී ඇති බව සදහන්.

එමෙන්ම ව්‍යාපෘතීන් 08ක් සඳහා මෙම ආධාරය ආයෝජනය කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මේ යටතේ දුම්රිය ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන් කිරීමේ නව පද්ධතියක් ස්ථාපිත කිරීම, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදිකිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම මෙහි අරමුණු වනවා.

රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවට නව කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් ඉදිකිරීම, මහනුවරට තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ කොළඹ මාලිගාවත්ත යටිබිම් මාර්ගය පුළුල් කිරීම යෝජිත තවත් ව්‍යාපෘතීන් කිහිපයක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post