News Line| Off Air
Generic placeholder image

Aug
19

නවසීලන්ත ආධිපත්‍ය බිද වැටෙයි – රග්බි පළමු තැන වේල්ස් කණ්ඩායමට

601 Views


නවසීලන්ත ආධිපත්‍ය බිද වැටෙයි –  රග්බි පළමු තැන වේල්ස් කණ්ඩායමට

පුරා වසර 10ක් පුරා ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වූ නවසීලන්ත කණ්ඩායම බිඳ දැමීමට වේල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ අනුව වේල්ස් කණ්ඩායම ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගත්තේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්ය.

තරගය ආරම්භයේ සිටම වේල්ස් කණ්ඩායම ඉතා ආක්‍රමණශීලි තරග රටාවක නිරත වූ අතර තරගයේ පළමු අර්ධය ලකුණු 10ට 0ක් ලෙස පෙරමුණ ගත් මොවුන් දෙවන අර්ධයේදී ද තවත් ලකුණු 3ක් රැස් කරගත් අතර ඒ අනුව වේල්ස් කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 13ට 6ක් ලෙසයි.ඒ අනුව එම ජයග්‍රහණයත් සමග වේල්ස් කණ්ඩායම ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමට සමත් විය.


News Articles
Latest Videos
Most Popular Post