News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

නව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන ඇමරිකාව කනස්සල්ලෙන්

1314 Views


නව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන ඇමරිකාව කනස්සල්ලෙන්

යුද හමුදාපති ලෙස මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එක්සත් ජනපදය යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවන බව එම නිවේදනයේ සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වාසනීය වන බවද එහි සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමඟිය සඳහා වන අවශ්‍යතාවය අතිශයයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය, යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වු කැපවීම් හැල්ලුවට ලක් කරන බවද ඔවුන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post