News Line| Off Air
Generic placeholder image

Aug
20

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක්ද?

648 Views


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක්ද?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්විය හැකි බව පවසමින් නිර්ණාමික ඊමේල් පණිවිඩයක් ඉන්දීය සහ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල වෙත ලැබී තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මේ දිනවල ඉන්දීය කණ්ඩායම තරගාවලියකට සහභාගී වන අතර ඒ අතර තුර දී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවිය හැකි බව අදාළ ඊමේල් පණිවිඩයේ සදහන්ව ඇති බවද වාර්තා වන අතර කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත්තේ තම කණ්ඩායමට කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩක් නොමැති බවයි. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීම පිළිබද අවධානයක් යොමුකර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post