News Line| Off Air
Generic placeholder image

Aug
20

කේන් විලියම්සන් සහ ට්‍රෙන්ට් බෝල්ට් විවේක ගනී

1851 Views


කේන් විලියම්සන් සහ ට්‍රෙන්ට් බෝල්ට් විවේක ගනී

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේදී නවසීලන්ත නායක කේන් විලියම්සන්ව විවේක ගන්වා තිබෙනවා. ඒ අනුව 20යි 20 තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ටිම් සවුතිටයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිට තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක කේන් විලියම්සන්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේදී විවේකයක් ලබා දීමට තීරණය කළ බව නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව සදහන් කළා.

ඒ අනුව කේන් විලියම්සන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු නැවත නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්වද ශ්‍රි ලංකා 20යි 20 තරගාවලියේදී විවේක ගැන්වීමට තීරණය කර ඇති බව එරට තේරීම් කමිටුව සඳහන් කළා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය සැප්තැම්බර් මස පළමු වෙනිදා ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post