News Line| Off Air
Generic placeholder image

Aug
20

ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය පිළිබද පළවන මතයන්ට මැතිවරණ කොමිෂන් සභාව පිළිතුරු දෙයි

3233 Views


ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය පිළිබද පළවන මතයන්ට මැතිවරණ කොමිෂන් සභාව පිළිතුරු දෙයි

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා පවතින නීතිමය තත්වය පිළිබද අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකශ කලේ අපේක්ෂකයාගේ නම, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව තිබීම අනිවාර්ය නොවන බවයි. ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාවට අපේක්ෂකයෙකු ලෙස තරග කළ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම ද ඒ වනවිට ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත්ව නොතිබුණු බවයි මෙහිදී සදහන් කළා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරුණද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය අවසරය හිමිවේදැයි මේ වනවිට කතාබහක් පවතින අතර මෙම කතාබහට හේතු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ සහ ඡන්දහිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබේදැයි පවතින මතභේදයි.


News Articles
Latest Videos
Most Popular Post