කාශ්මීර් අර්බුධය සදහා ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ට‍්‍රම්ප් මේ බව සදහන් කර ඇත්තේ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සමග දුරකතන සංවාදයකට එක්වෙමින්
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ට‍්‍රම්ප් සමග කල දුරකතන සංවාදයට ප‍්‍රතිචාරයක් වශයෙන් ඉම්රාන් ඛාන් ට‍්‍රම්ප් සමග දුරකතන සංවාදයකට එක්වු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
සාකච්ඡ අතරතුර දී කාශ්මිර අර්බුධ සම්බන්ධයෙන් ඉන්දියාව සමග මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරිමට ඉම්රාන් ඛාන් එකගතාව පලකර තිබෙනවා. කාශ්මිර් අර්බුධය විසදිම සදහා දෙපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා රාජ්‍යන් දෙකටම දැනුම් දුන්් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
මේ අතර ඇමරිකාව සහ පාකිස්තානය අතර වෙළද සම්බන්ධතා ශක්තිමත් කිරීමට දුරකතන සංවාද වලදි අදහස් හුවමාරු වී තිබෙනවා