News Line| Off Air
Generic placeholder image

Aug
20

රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

1542 Views


රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

රටේ ශ්‍රම බලකායට විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ “මෙහෙවර පියස” ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරුණා.

2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500ක්. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විත බව සදහන්.

කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථානගත කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ද, මහල් 05කින් යුත් රථ ගාලක් මෙන්ම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් ද කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඇතුලු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post