News Line| Off Air
Generic placeholder image

Aug
20

රුසියාවෙන් අභ්‍යවකාශය ජය ගන්න සැරසෙන රොබෝවෙක්

631 Views


රුසියාවෙන් අභ්‍යවකාශය ජය ගන්න සැරසෙන රොබෝවෙක්

අභ්‍යවකාශය ජය ගැනීමට සැරසෙන රොබෝවෙක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එම රොබෝවා එළඹෙන අගෝස්තු 22 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

නුදුරේදීම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට නියමිත රොබෝවෙක් පිළිබඳව පුවත වාර්තා වන්නේ රුසියාවෙන්.

ස්කයිබොට් එෆ් 850 (Skybot F-850) ලෙස නම්කර ඇති එම රෝබෝවාගේ දර්ශන රුසියානු රොස්කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

රොබෝවා විවිධ වස්තූන් හසුරුවන ආකාරය සහ යාන්ත්‍රික දෑත්වලින් චලනයන් සිදු කරන ආකාරය මෙම දර්ශනවල දැක්වෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා රොබෝවරයාට මිනිස් ක්‍රියාකරුවෙකුගේ සහය අවැසි වුවත්, ඊට තනිව ක්‍රියාකාරකම් කිහිපයක් කිරීමේ හැකියාව පවතින බව රුසියානු රොස්කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළා.

එහෙත් අභ්‍යවකාශ මෙහෙයුම අතරතුර රොබෝවා ක්‍රියාත්මක වන්නේ මිනිසෙකුගේ අධීක්ෂණයට යටත්වයි.

සිය යාන්ත්‍රික දෑත්වලින් පිස්තෝල භාවිත කිරීමේ හැකියාව පවතින Skybot F-850 රොබෝවා ගේ දස්කම් 2017 වර්ෂයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ද අවධානයටද ලක් වී ඇති බව සදහන්.

එළඹෙන අගෝස්තු 22 වැනිදා මෙම රොබෝවා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

 


News Articles
Latest Videos
Most Popular Post