News Line| Off Air
Generic placeholder image

Aug
20

ලංකාවේ සියලු වනෝද්‍යාන දින දෙකක් වැසෙයි

928 Views


ලංකාවේ සියලු වනෝද්‍යාන දින දෙකක් වැසෙයි

වනඅලි සමීක්‍ෂණය නිසා සැප්තැම්බර් මස 13 හා 14 යන දෙදින තුළ සියලු ජාතික වන උද්‍යාන වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.මේ නිසා එම දින දෙක තුළ ජාතික වන උද්‍යාන තුළ පිහිටි සංචාරක බංගලා වෙන්කරවා ගැනීමට නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පවසා සිටියා.

යාල ජාතික වන උද්‍යානය හැර අනෙකුත් වන උද්‍යාන සියල්ල 15 වැනිදා විවෘත කරන බවත්, මාස දෙකකට වසා දමා ඇති යාල වන උද්‍යානය නොවැම්බර් 01 වැනිදා විවෘත කරන බවත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.එසේම 2011 වසරින් පසු පවත්වන මෙම වනඅලි සමීක්‍ෂණය 13 හා 14 යන දෙදින තුළ සමස්ත ලංකාවම ආවරණය වන පරිදි සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post