හිටපු යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ජෙනරාල් ධූරයට උසස්කර තිබෙනවා. යුධ හමුදාව සඳහන් කළේ පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එම උසස්වීම ලබාදී ඇති බවයි. හිටපු යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් නව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත රාජකාරී භාර දීම අද සිදුකෙරුණා.
එම උත්සවය පැවැත්වුණේ යුධ හමුදා මූලස්ථානයේදී හිටපු යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙත සමුදීමේ නිළ උත්සවයද මෙහිදී පැවැත්වුණා.
පසුගිය වසරේ අගෝස්තු මස 18 වනදා යුධ හමුදාපති ධූරයට පත්වූ ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය අවසන් වුණේ පසුගිය 18 වනදායි.
මේ අතර නව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමේ නිළ උත්සවය හෙට පැවැත්වෙනවා. හෙට පෙරවරු 09 00 ට උත්සවය පැවැත්වෙන්නෙ යුධ හමුදා මූලස්ථානයේදී.