News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

ඉදිරි සති තුනේදී කළුතරට ජල සැපයුම සීමා කෙරේ

806 Views


ඉදිරි සති තුනේදී කළුතරට ජල සැපයුම සීමා කෙරේ

කෙත්හේන පවිත්‍රාගාරයේ අලූත්වැඩියාවක් නිසා කළුතර හා අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුන ඇතුළතදී ජල සැපයුම විටින් විට අත්හිටුවීමට සහ අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට මෙලෙස විටින් විට ජලසැපයුම අත්හිටවනු ඇති බව එම මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

එසේම පිලමිනාවත්ත, බෝම්ඹුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද එය ක්‍රියාත්මක වනවා.


News Articles
Latest Videos
Most Popular Post