එක දිගට වැඩ කරනකොට ඔබට නොදැනිම ඔබ තුල ආතතියක් හට ගන්නවා. කාලයත් සමඟ එය ටික ටික වැඩි වෙනවා. ආතතියෙන් වැඩ කරනකොට වැඩ ටික හරියට සිදු වෙන්නෙත් නැහැ. හැබැයි මේ තත්වය ෆින්ලන්තය විසින් හඳුනා ගෙන තියෙනවා. ඉතින් ෆින්ලන්තයේ බොහෝ ව්‍යාපාරික ආයතනයන් තුල සේවකයන්ට විවේක ගැනීමට වෙනමම කාමර සකසලා තියෙනවා.
ඒ විතරක් නෙවේ. විනාඩි 30ක පමණ කාලයක් යෝගා ව්‍යායාම් වල යෙදෙන්නත් එහි සේවකයන්ට අවසර තියෙනවා. ඔවුන්ව පුහුණු කරන්න වෙනමම යෝගා ගුරුවරු ඉන්නවා.
ඔබ හිතේ නිදහසින් තැනක නිදා ගන්නවා කියන්නේ ඔබට එම ස්ථානය සහ අවට පරිසරය ගැන විශ්වාසයක් පවතින බවයි. ඉතින් ෆින්ලන්තයේ මහාචාර්යවරු කියන්නේ ආයතනයේ සේවකයන් එකට නිදා ගත්තම ඔවුන් තුල තිබෙන බැඳීම වැඩි වෙනවා කියලයි. ඔවුන් තුල කණ්ඩායම් හැඟීම වර්ධනය වෙලා, ගැටළු අවම වෙන්න මෙය බලපාන බව මහාචාර්යවරු සදහන් කරනවා.
ගොඩක් රටවල සලකන්නේ දිවා කාලයේදී නිදා ගැනීම නොගැලපෙන, නුසුදුසු සහ අලසකාරි ක්‍රියාවක් බවයි. නමුත් ෆින්ලන්තයේ පරීක්ෂකවරුන්ට සහ මහාචාර්යවරුන්ට අනුව දිවා කාලයේදී පොඩි නින්දක් ලබා ගැනීමෙන් සේවකයන්ගේ ඵලදායිතාවය, සිහි බුද්ධිය සහ නිර්මාණශීලි හැකියාව ඉහල යනවාලු.
ෆින්ලන්තයේ වැඩ කල යුතු වෙලාව සම්බන්ධයෙන් තද නීති රීති නැහැ. ඒ කියන්නේ උදේ 8 සිට සවස 6 දක්වා වැඩ කල යුතුයි වගේ නීති එහෙ හරිම අඩුයි. දවස ඇතුලත තමන් විසින් කල යුතු වැඩ රාජකාරි නිම කිරීම තමයි එහි ආයතන තමන්ගේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට දවල් කාලයේ නිදා ගන්න අවශ්‍ය කෙනෙක්ට රාත්‍රී කාලයේ වැඩ කරන්න එහෙම කිසිම තහනමක් නැති බවයි කියවෙන්නේ.
උපුටා ගැනීම – මුහුණු පොතෙන්