කාශ්මීරය සම්බන්ධ ගැටලුව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන බව පාකිස්තානය පවසනවා.
මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ විශේෂ ස්වයං පාලන තත්ත්වය අවලංගු කිරීමෙන් අනතුරුව වන අතර පාකිස්තානය එම තීරණයට ප්‍රතිචාර දැක්වූයේ ඉන්දියාව සමග වෙළඳ හා ප්‍රවාහන සම්බන්ධතා නවතා දමා පාකිස්තානයේ ඉන්දීය තානාපතිවරයා නෙරපා හැරීමෙන්.
සියලු නීතිමය කරුණු සලකා බැලීමෙන් පසුව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බවයි පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහමූඞ් කුරේෂි සඳහන් කළේ. මේ අතර, බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ මෙම ගැටලුව ඉන්දියාව සහ පාකිස්තානය අතර සංවාදයක් තුළින් විසඳා ගත හැකි බවයි.