News Line| Off Air
Generic placeholder image

Aug
21

ජාතික වීරයන්ගේ නම් හූනන්ට දැම්මේ මෙන්න මේ නිසයි

1074 Views


ජාතික වීරයන්ගේ නම්  හූනන්ට දැම්මේ මෙන්න මේ  නිසයි

මෙරටට ආවේණික හූනන් විශේෂ හයකට ජාතික වීරයන්ගේ නම් ලබා දී ඇත්තේ එම වීරයන්ට ගෞරව කිරිමේ අරමුණින් බව පරිසරවේදීන් සදහන් කරනවා.මෙම පර්යේෂණයට සමබන්ද පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න මහතා පැවසුවේ ද්වීපද නාමකරණයට හා ජාත්‍යන්තර නාමකරණ ක්‍රමවේදයට අනුව ගරු කටයුතු පුද්ගලයින්ගේ නාම යොදමින් එම සත්ව විශේෂ දේශිය අන්‍යන්‍යතාව සමගින් ජාත්‍යන්තරයට හදුන්වා දීම මෙම ජාතික වීරයින්ගේ නම් හුන්නට දැමීමට හේතු වූ බව වැඩි දුරටත් පෙන්වා දෙනවා.

නමුත් විද්‍යාත්මක දැනුමක් නොමැති ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් සිදුකරන වැරදි සහගත ප්‍රකාශයන් හේතුවෙන් මේ වන විට වැරදි මතයක් සමාජගත වී ඇති බවද පවසන ඔවුන් එවැනි ප්‍රකාශ හෙළා දකින බවද වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post