News Line| Off Air
Generic placeholder image

Aug
21

පාස්කු ප්‍රහාරයට අදට මාස 04 යි

1985 Views


පාස්කු ප්‍රහාරයට අදට මාස 04 යි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට මාස හතරක් ගතවී තිබෙනවා. මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කලේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය / කොළඹ කෝච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය / මඩකලපුව සියොන් දේවස්ථානය / කොළඹ ශැංග්‍රිලා හෝටලය / කිංග්ස්බරි හෝටලය / සිනමන් ග්‍රෑන්ඞ් හෝටලය සහ දෙහිවල ලැගුම් හලක් ඇතුලු ස්ථාන 07 ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.ආරක්ෂක අංශ සිදු කල පරීක්ෂණ වලදී අනාවරණය වුණේ ජාතික හවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුලු මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මේ අතර සහරාන් සමග පුහුණුව ලැබූ මවුලවිවරුන් දෙදෙනෙක් හෙට්ටිපොල හා නිකවැරටිය ප්‍රදේශ වලදී ඊයේ අත්අඩංගුවට පත් වුණා. සැකකරුවන් අත්අඩංගුනවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී විමර්ශන කොඨඨාශය විසින්.
මොහොම්මදු හනීෆා මොහොමඞ් රිස්මි නම් එක් මවුලවිවරයෙක් හෙට්ටිපොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.පොලීසි පැවසුවේ ඔහු හෙට්ටිපොල දුල් අබ්හාර් ජුම්මා පල්ලියේ මවුලවිවරයෙක් බවයි. නිකවැරටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ මොහොමඞ් නසාර් මොහොමඞ් නිම්සාඞ් නැමැති 29 හැවිරිදි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post