News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

බන්ධනාගාර රැඳවියන් 250 ක් පලා යයි

2104 Views


බන්ධනාගාර රැඳවියන් 250 ක් පලා යයි

බටහිර පැපුවා ප්‍රාන්තයේ බන්ධනාගාරයක රැඳවියන් 250 කට අධික පිරිසක් පලාගොස් තිබෙනවා.

ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර මෙම රැඳවියන් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විරෝධතාකරුවන් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බව සදහන්.

කෙසේවෙතත් පලාගිය සිරකරුවන්ගෙන් කිහිපදෙනෙකු යලිත් බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර සෙසු රැඳවියන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරනවා.

රැඳවියන් පලායාම වැලැක්වීමට ගත් උත්සාහයේදී බන්ධනාගාර නිලධාරීන් සහ සේවකයින් කිහිපදෙනෙකුම තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post