News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට

1124 Views


මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.

ඒ අනුව එම පනතෙහි ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගේ අදහස් ද ඉදිරිපත් වී ඇතැයි රජය පෙන්වා දෙන අතර ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදි කරුණු සංශෝධනයට කරමින් එකී පනත සංශෝධනය කිරිම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ද මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post