News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

මුහුදු රළ ගොඩට එන ලකුණු

1979 Views


මුහුදු රළ ගොඩට එන ලකුණු

පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් වන අතර ධීවර හා නාවික ප්‍රජාව, වෙරළ ආසන්නව වාසය කරන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශ වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post