බටහිර පැපුවා ප්‍රාන්තයේ පැවති විරෝධතාවක් අතරතුර බන්ධනාගාරයක රැඳවියන් 250 කට අධික පිරිසක් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස විරෝධතාකරුවන් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා තිබෙන අතර එහිදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
නමුත් පලාගිය සිරකරුවන්ගෙන් කිහිපදෙනෙකු යලිත් බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර සෙසු රැඳවියන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරනවා.