බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ මේ වසරේ වාර්තාගත ගින්නක් වාර්තා වී ඇති බව නව අභ්‍යවකාශ ඒජන්සි දත්ත පෙන්වා දෙනවා.
ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමේ වේගය අඩු කරන ඉතා වැදගත් කාබන් ගබඩාවකි. ශාක සහ සතුන් මිලියන 03 ක් පමණ සහ ආදිවාසීන් මිලියනයක් පමණ මෙහි වාසය කරන අතර ඇමසන් වනයේ වත්මන් තත්වය පිළිබද සංරක්ෂකයින් ජනපති බෝල්සොනාරොට දොස් පවරන අතර ඔහු ඉඩම් කපන්නන් හා ගොවින් දිරිමත් කර ඇති බවට පැවසෙන අතර ඔහු ජනවාරි මාසයේ බලයට පත් වූ දා සිට වැසි වනාන්තරය වේගයෙන් විනාශයට පත්ව ඇති බවයි පවසන්නේ.
ඒ අනුව ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න හේතුවෙන් එහි දුමාරය කිලෝමීටර් 2, 700 ( සැතපුම් 1.700 ) සාඕ පාවුලෝ නගරය පසුගිය සදුදා දිනයේ කළු පැහැ ගැන්ව තිබු බවටද වාර්තා වෙනවා