ටයිටැනික් නෞකාවේ සැකිල්ලේ නවතම ඡායාරූප හා වීඩියෝ දසුන් පෙළක් ගවේෂක කණ්ඩායමක් විසින් නිකුත් කර තිබෙනවා.
ලෝක ප්‍රකට ටයිටැනික් නෞකාව එංගලන්තයේ සදම්ප්ටන් සිට නිව්යෝක් බලා යාත්‍රා කරමින් සිටින අතරතුර අයිස් පරයක ගැටීමෙන් අනතුරට පත්වුණේ 1912 වර්ෂයේ අප්‍රේල් 14වන දායි.
එම අනතුරින් පුද්ගලයන් 1517 දෙනෙකු මියගිය අතර නෞකාව මුළුමණින්ම අත්ලාන්තික් සාගරයේ ගිලී ගියා.
කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයට සැතපුම් හාරසීයක් දුරින් අත්ලාන්තික් සාගර පතුලේ ගිලී තිබෙන ටයිටැනික් නෞකාවේ නවතම ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙලක් ගවේෂක කණ්ඩායමක් විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
විශේෂිත කැමරා මඟින් ලබාගන්නා ලද එම දර්ශනවල නෞකා බඳ බැක්ටීරියාවන්ගේ ග්‍රහණයට ගෙන ඇති ආකාරය දක්නට ලැබෙන බව සදහන්.
සාගර පහක පතුළ නිරීක්ෂණය කරන ෆයිව් ඩීප්ස් එක්ස්පෙඩිෂන් නමැති මෙහෙයුමේ නිරත ගවේෂකයන් විසින් මෙම ඡායාරූප හා වීඩියෝපට ලබාගෙන ඇති අතර ඒ සඳහා අගොස්තු මස මුල් භාගයේදී ටයිටැනික් නෞකාව ගිලීගිය ප්‍රදේශයේ දින අටක් පුරා කිමිදුම් කළ බව ගවේෂකයන් පවසනවා.