නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 3 ක් අවසානයේ කඩුලූ 02 ක් දැවී ලකුනු 85 ක් රැුස් කර ගෙන සිටිනවා.
තරගය අද ආරම්භ වුණේ කොළඹ පී සරා ඕවල් ක‍්‍රීඩා පිටියේ දීයි.
අද පෙරවරු 10 .00 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට හැකිවුයේ පස්වරු 1 යි 45ට පමණයි.
කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අකිල ධනංජය වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ දිල්රුවන් පෙරේරායි.
ආරම්භක ලකුනු සබදතාව ලකුණු 29 කට සීමා කරමින් ලහිරු තිරිමාන්න ලකුණු 02 කට දැවී ගියා.
කුසල් මෙන්ඩිස් ලකුණු 32 යි.
නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුනු 49 ක් ලබා සිටියා.