News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

935 Views


මැතිවරණ කොමිසමෙන්  විශේෂ දැනුම්දීමක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්ද දීම සඳහා ඉල්ලුම් කරන ඡන්ද හිමියන්ට ඒ සඳහා අවශ්‍ය තොරතුරු සූදානම් කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් කරනවා.

ඒ අනුව තමන්ට වෙන් කරන ලද ඡන්ද පොලෙහිදී ඡන්දය දීමට නොහැකි ඡන්ද හිමියන්ට තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලූම් කළ හැකි බව කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. ඉල්ලුම් කරන ජන්ද හිමියන්ට ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්කය, ඡන්ද ප්‍රදේශයේ අක්ෂරය හා නම, ඡන්ද කොට්ඨාසයේ අංකය, ග්‍රාම නිළධාරි කොට්ඨාසය, විදියේ ගමේ නම, අනුක්‍රමික අංකය යන තොරතුරු ළඟ තබා ගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post