News Line| Off Air
Generic placeholder image

Aug
22

වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක

814 Views


වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක

ඖෂධ හිඟය, ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතියක් නීතිගත නොකිරීම ඇතුළු කරුණු 08ක් මුල්කර ගනිමින් රෝගී ජනතාවට බාල බෙහෙත් මදිවට බාල වෛද්‍යවරු යන තේමාව යටතේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයකක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන 08.00 සිට මාතෘ සහ ළමා රෝහල් හැර රජයේ සෙසු සියලු රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරනවා. එමෙන්ම රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සිය වැඩවර්ජනයට සහය දක්වන බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසන්නේ අද සිදු කෙරෙන වැඩවර්ජනයට තමන් එක් නොවන බවයි. මෙම වැඩවර්ජනය දේශපාලන උවමනාවක් වෙනුවෙන් කැඳවා තිබෙන්නක් බවට ද ඔවුන් චෝදනා කරන අතර මෙම වැඩ වර්ජනය අසාධාරණ බවද ඔවුන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post