News Line| Off Air
Generic placeholder image

Aug
22

සීමාව පැන්න ඉන්දීය ධිවරයින් 04 ක් අල්ලයි

535 Views


සීමාව පැන්න ඉන්දීය ධිවරයින් 04 ක් අල්ලයි

මෙරට මුහුදු සීමාවට ඇතුළු වෙමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිවු දෙනෙකු ඊයේ නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කරනවා. යාපනයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලු ධීවරයින් සිවු දෙනෙකු හා ඔවුන්ගේ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව එම ධීවරයින් සමග ධීවර යාත්‍රාව හා ධීවර ආම්පන්න, සන්නිවේදන උපකරණ ඇතුළු අනෙකුත් උපකරණද අත්අඩංගුවට ගෙන තිබෙන අතර යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ධීවර පරික්ෂක කාර්යාලය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post