News Line| Off Air
Generic placeholder image

Aug
23

දැවැන්ත පිඹුරෙක් ආරක්ෂිතව ඉවත් කිරීමට ගිනි නිවන භටයෙක් සමත් වෙයි

848 Views


දැවැන්ත පිඹුරෙක් ආරක්ෂිතව ඉවත් කිරීමට ගිනි නිවන භටයෙක් සමත් වෙයි

තායිලන්තයේ නිවසකට පැමිණි දැවැන්ත පිඹුරෙක් ආරක්ෂිතව ඉවත් කිරීමට එරට ගිනි නිවන භටයෙකු සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

50 හැවිරිදි පින්යෝ පුක්පින්යෝ (Pinyo Pukpinyo) සතුව උපද්‍රවයකින් තොරව ඕනෑම සර්පයෙකු අල්ලා ගැනීමට හැකි ඔහුටම අනන්‍ය වූ විශේෂ හැකියාවක් පවතින අතර
මිටර් පහක පමණ දිගකින් යුතු වූ පිඹුරා කිසිදු චකිතයකින් තොරව අල්ලා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් සුළු අත්වැරදීමකින් තම ජීවිතය පවා අහිමි විය හැකි බව පින්යෝ පැවසුවා.

එය ඉතාමත් අනතුරුදායක බවත් ඒ සඳහා උත්සහ කිරීමෙන් වළකින ලෙසත් ඔහු අවධාරණය කරන අතර වැසි සමයේදී ආහාර සොයා තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි නිවාස වෙත සර්පයින් පැමිණීම ගැටලුවක් වී තිබෙනවා.

බලධාරීන් පවසන්නේ පසුගිය වසරේදී පමණක් එවැනි සිදුවීම් 37 000ක් වාර්තා වී ඇති බවයි. මේ හේතුවෙන් ගිනි නිවීම් භටයින්ට සිය රාජකාරිය පසෙකලා සර්පයින් පලවා හැරීමේ මෙහෙයුම් සඳහා එක්වීමට සිදුව ඇති බව සඳහන්.

මෑතකාලීනව ගිනි නිවීම් මෙහෙයුම් සඳහා එක්වීමට තායිලන්ත ගිනි නිවන භටයින්ට ලැබී ඇති අවස්ථා අවම වුවත් නිවෙස්වලින් සර්පයින් පළවා හැරීමට ඔවුන්ගේ නිරන්තර සහය ලැබී තිබෙනවාඅ.

සර්පයින් 100කට අධික සංඛ්‍යාවක් ග්‍රහණයට ගත් දිනයන්ද ඒ අතර වන බව නගරයේ ගිනි නිවීමේ හා බේරා ගැනීමේ දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙන බව සදහන්.

ඕනෑම විෂඝෝර සර්පයෙකු අල්ලා ගන්නට දක්ෂතාවයක් ඇති පින්යෝ සිය වසර 16ක සේවා කාලය තුළ සර්පයින් 10 000ක් පමණ අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා.

බැංකොක් අගනුවරට ඊසාන දෙසින් වන්නට පිහිටි ඔහුට සේවා ස්ථානයට සර්පයින් හා සම්බන්ධ ගැටළුවලදී උපකාර ඉල්ලා වසරකට දුරකථන ඇමතුම් 3000කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post