News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

දිය යටින් පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක්

1032 Views


දිය යටින් පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක්

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදී දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

පසුගිය 21 දින උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කල කිමිදුම් මෙහෙයුමකදි දිය ය‍ට සඟවා තිබූ වැලි සමඟ මිශ්‍රිත පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන කිලෝග්‍රෑම් 15 ක බරකින් යුත් පාර්සලයක් මෙලෙස සොයාගෙන ඇති බව සදහන්.

පසුව එම පාර්සලය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post