News Line| Off Air
Generic placeholder image

Aug
23

නවක වදයට ලක්වූ සිසුවියකට ලක්ෂ 06ක වන්දි මුදලක්

847 Views


නවක වදයට ලක්වූ සිසුවියකට ලක්ෂ 06ක වන්දි මුදලක්

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරිම සම්බන්ධයෙන් එම පීඨයේම සිසුවෙකුට සහ සිසුවියන් සිවි දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව ගාල්ල අතිර්ක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ පසුගිය (20) වනදා කැඳවු අවස්ථාවේ දෙපර්ශවයේ එකඟතාවයකින් වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ 06ක වන්දියක් ගෙවා නඩුව සමථයකට පත්කර තිබෙනවා.

නවක වදය දුන් බව කියන ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවෙකු සහ සිසුවියන් සිව් දෙනෙකු ඇතුලු පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබු අතර 1,2,5 යන විත්තිකරු සහ විත්තිකාරියන් දෙදෙනා වන්දි මුදල් ගෙවු අතර 3,4 විත්තිකාරියන් දෙදෙනා වන්දි ගෙවිමකින් තොරව සමථයකට පත්වුණා.

වින්දිත සිසුවිය බෙලිඅත්ත ඉහල බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිවිද්‍යා පීඨයට 2018 මැයි 14 වනදා ඇතුලත්ව ඇති බවත් ඇය මේ වනවිට පාඨමාලාව හැරදමා නිවසට ගොස් ඇති බවත් නඩුවේදි අනාවරණය වී තිබෙනවා.

උසස් තාක්ෂණ ආයතනයට ඇතුලත් විමේන් පසු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් සෙයා දෙන ලද නවාතැනක නතරවු බවත් එම දෙමහල් නිවසේ කාමරයක තවත් 06 දෙනෙකු සමග සිටියදි ජ්‍යෙෂ්ඨ සිසුන් වරින් වර පැමිණ නවක වදය දුන් බවත් ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post