පාර්ලිමේන්තු විවාදයක් අතරතුර බිළිඳෙකුට කිරි පෙවූ කතානායකවරයෙක් පිළිබඳව පුවතක් නවසීලන්තයෙන් වාර්තා වනවා.
නවසීලන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විවාදයක් අතරතුර එහි කතානායක ට්‍රෙවර් මල්ලාර්ඩ් (Trevor Mallard) බිළිඳෙකුද අතැතිව සිටින අයුරු දැක්වෙන දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.
එම බිළිඳා කම්කරු පක්ෂයේ මන්ත්‍රී ටමටි කොෆී සහ ඔහුගේ සැමියා වන ටිම් ස්මිත් සමරිසි යුවළගේ පුතු බව සඳහන්.
මල්ලාර්ඩ් මෙහිදී බිළිඳාට බෝතලයක් ආධාරයෙන් කිරි පෙවිමටද කටයුතු කළ අතර ඔහුගේ දෑත්වල උණුහුමට මැදිව ළදරුවා දැඩි කැමැත්තෙන් කිරි පානය කරන ආකාරය දර්ශනවල දැකගත හැකියි.
කතානායක මල්ලාර්ඩ් දරුවන්ට දැඩි ආදරයක් සහ සෙනෙහසක් දක්වන පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර 2017 වසරේදී ඔහු කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක් වන විලෝ-ජීන් ප්‍රයිම්ගේ දියණිය සිය දෑතට ගෙන පාර්ලිමේන්තුව ඇමතීමේ සිදුවීමක් එම කාලයේ දැඩි කතාබහට ලක් වුණා.