News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

මිද්දෙනියේ වෙඩි තැබීමක්

856 Views


මිද්දෙනියේ වෙඩි තැබීමක්

මිද්දෙණිය පොලිස් වසමේ සමුහ ගොවිපොල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකර තිබෙනවා.

ඊයේ(22) රාත්‍රී 8.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 20ක් වු සමුහ ගොවිපොල ප්‍රදේශයේම පදිංචි දීපාල් මධුරංග නැමති පුද්ගයෙක්.එම පුද්ගලයා අඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post