News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

මෙරටින් ගිය ත්‍රස්තයින් පිරිසක් සොයා ඉන්දියාවේ මෙහෙයුමක්

675 Views


මෙරටින් ගිය ත්‍රස්තයින් පිරිසක් සොයා ඉන්දියාවේ මෙහෙයුමක්

පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් 06 දෙනෙකු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්තයට පැමිණ ඇති බවට ලද බුද්ධි අංශ තොරතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් වන එල්.ඊ.ටී හෙවත් ලෂ්කා-ඊ-ටයිබා සංවිධානයේ සාමාජිකයින් 06 දෙනෙකු තමිල්ණාඩු කොයිම්බතූර් ප්‍රදේශයට පැමිණ ඇති බවට බුද්ධි තොරතුරුවලින් අනාවරණය වී ඇති බව සදහන්.

පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙකු මෙම පිරිසට අයත් වන අතර පාකිස්ථාන ජාතිකයා ඉල්ලියාස් අන්වර් නැමැති ත්‍රස්ත සාමාජිකයා බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මොවුන් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ කොයිම්බතූර් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post