ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පිහිටි නිවසක සීලිමේ බැද තිබූ කිලෝග්‍රෑම් 50 කට ආසන්න බරකින් යුත් මී වදයක් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි හැටදහසක පමණක මීමැසි ගහණයක් සිටි බව විදෙස් වාර්තා සදහන් කළා.
නිවෙස් හිමි කාන්තාව මෙම මී වදයට කිසිදු අයුරකින් බාධා සිදුකර නොතිබුණු අතර, මාස 10 ක් පමණ සම්පූර්ණ වූ පසුව මී වදය වෙනත් ස්ථානයකට ගෙන යෑමට අදාළ කාන්තාව මී මැසි පාලකයෙකුට පවරා තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් මීවදය නිවසෙන් ඉවත් කර ඇති අතර පසුව මෙම මී ජනපදය නිදහස් පරිසරයක් සහිත වෙනත් ස්ථානයක යළි ස්ථාපිත කිරීමටත් පියවර ගත් බව සදහන්.