එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග‍්‍රහයක් පැවැත්වූවා.
මේ අවස්ථාවට ඊයේ(23) මාතර පැවති “සජිත් එනවා” රැළියට එක්වූ මන්තී‍්‍රවරුන් පිරිසක්ද සහභාගී වූ අතර අරලියගහ මන්දිරයේදී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් එක්ව සිටියා.
කෙසේවෙතත් සාදයට සහභාගී වු මන්ත්‍රීවරුන් සඳහන් කළේ එම සාදයේදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කිසිවක් සාකච්ඡා නොකළ බවයි.