News Line| Off Air
Generic placeholder image

Aug
24

මාසිකව පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් ත්‍රීරෝද රථ සම්මේලනයක් මීටර් නැතිව ධාවනයට සැරසෙයි

961 Views


මාසිකව පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් ත්‍රීරෝද රථ සම්මේලනයක් මීටර් නැතිව ධාවනයට සැරසෙයි

මාසිකව පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ඔවුන්ගේ ත්‍රිරෝද රථ ගාස්තු මීටර් රහිතව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ මාසික පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් සෑම මසකම මීටර ගාස්තු වෙනස් කිරීමේදී ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි.

සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම රජයේ පුරුද්ද බව ඔහු සඳහන් කළා.

“ත්‍රිරෝද රථ 150,000කට වැඩි ප්‍රමාණයක මීටර සවි කර තිබෙනවා. මාසික ඉන්ධන වැඩිවීම හේතුවෙන් කිලෝමීටරයකට අය කරන මුදල වෙනස් කළ යුතුයි. වැඩිවන කුලී රථ ගාස්තු හේතුවෙන් මිනිසුන් තම ප්‍රවාහන අවශ්‍යතා සඳහා ත්‍රිරෝද රථ භාවිතා කිරීමෙන් ඈත්වන බව පේනවා. එබැවින් මීටර ඉවත් කිරීමට හෝ මීටර ක්‍රියා විරහිත කර මගීන් ප්‍රවාහනය කිරීමට අපි තීරණය කර තිබෙනවා. ” යයි ඔහු සඳහන් කළා.

ගාස්තු මීටරය වෙනුවට රියදුරු සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කුලී ගාස්තු ගෙවිය හැකි බව ද ඔහු පැවසූ අතර මගියාට අවාසිදායක වන ගාස්තු මීටර භාවිතා කිරීමේදී රුපියල් 2.00 සිට රු .3.50 දක්වා පොරොත්තු ගාස්තුවක් එකතු කළ බව ද ඔහු කියා සිටියා.

“නමුත් මීටරයක් ​​නොමැති විට, එම පොරොත්තු ගාස්තු අදාළ නොවේ. එය මගියාට වාසිදායකයි. ත්‍රිරෝද රථ 60,000 කට වැඩි ප්‍රමාණයක් දැන් මීටරවලින් තොරව ක්‍රියාත්මක වනවා.” යනුවෙන් ඔහු සඳහන් කළා.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය විසින් අගෝස්තු 01 වනදා සිට මුද්‍රිත බිල්පත් නිකුත් කිරීමේ හැකියාව ඇති මීටර අනිවාර්ය කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post