News Line| Off Air
Generic placeholder image

Aug
25

මවකට හා දියණියකට බස් රථයක් තුල හිරිහැර කළ පොලිස් සැරයන්ට මගීන්ගෙන් ගුටි

3594 Views


මවකට හා දියණියකට බස් රථයක් තුල  හිරිහැර කළ පොලිස් සැරයන්ට මගීන්ගෙන් ගුටි

හම්බන්තොට බස් රථයක ගමන් ගත් මවකට හා දියණියකට හිරිහැර කළ බව කියන පොලිස් සැරයන්වරයෙක්ව පසුව අදාළ බස් රථයේ ගමන් ගත් මගීන් විසින් අල්ලා හම්බන්තොට පොලිසියට භාර දී තිබෙනවා. තිස්සමහාරාමයෙ ප්‍රදේශයේදී බස් රථයට ගොඩ වී ඇති පොලිස් සැරයන්වරයා බස් රථයේ පසුපස අසුනේ සිට ඇති අතර අතරමග ස්ථානයකින් මවක් සහ දියණියක් අදාළ බස් රථයට ගොඩ වී තිබෙන අතර ඔවුන් දෙදෙනාව ස්පර්ශ කිරීමට යෑමෙන් එම මවත් දියණියත් බස් රථයේ දී කලබලකාරීව හැසිරීම නිසා බස් රථයේ ගමන් ගත් සෙසු මගීන් ඊට මැදිහත් වී තිබෙන අතර සැරයන්වරයා බස් රථයේදී පහරකෑමට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට පත් වු සැකකාර පොලිස් නිළධාරියාව ඊයේ හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post