News Line| Off Air
Generic placeholder image

Aug
25

රුසියාවෙන් පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

1380 Views


රුසියාවෙන් පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

රුසියාව න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ තවත් වැදගත් අභියෝගයක් ජය ගනිමින් පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් මුහුදට දියත් කර තිබෙනවා.ඒ අනුව, ආක්ටික් වරායක් වන මුර්මාන්ස්ක් සිට චුකොට්කා දක්වා වූ සැතපුම් 5000ක දුරක් මෙම න්‍යෂ්ටික බලාගාරය රැගත් නෞකාව ගමන් අරඹා ඇති අතර මේ තුලින් අකඩෙමික් ලොමොනොසෝව් පාවෙන න්‍යෂ්ටික බලාගාරය දුෂ්කර ප්‍රදේශ වෙත අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව පිරිමසනු ඇති.

ඒ අනුව,රුසියාව සතු ප්‍රබලතම රන් ආකරයක් ලෙස සැලකෙන චුකොට්කා හි චෝන් බිලිබින් රන් ආකරය වෙත අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව පිරිමැසීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙන අතර ඇතැම් සංවිධාන සදහන් කරන්නේ මේ අවට ඇති කාලගුණික තත්වය නිසා මෙවන් න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදි කිරීම පාරිසරික තත්වයට අනිසි බලපෑමක් එල්ල කරන බවයි.

 


News Articles
Latest Videos
Most Popular Post