News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

ශ්‍රීලනිප සහ පොහොට්ටුවේ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ

866 Views


ශ්‍රීලනිප සහ පොහොට්ටුවේ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප්‍රකාශ කලේ ලබන සතියේ එළඹෙන අඟහරුවාදා සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡා වටයක් ආරම්භ වන බවයි. එහිදී තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත තිබෙන බවත් විශේෂයෙන් එහිදී ඉදිරියේදී සිදු කරනු ලබන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කෙරෙන බවයි වර්තා වන්නේ.

ඒ අනුව සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව ද වැඩි දුරටත් මන්තී‍්‍රවරයා සඳහන් කළ අතර මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමඟ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී සෘජුව සාකච්ඡා සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post