රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කලේ මේ මස අවසානයට පෙර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීන්දු තීරණ ගන්නා බවයි.
ඒ අනුව මේ මස 30 වනදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස එජාපෙ නම් නොකළහොත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දේශපාලන දිවියෙන් සමුගැනීමට වුවත් ඉඩ ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.